මහින්දගෙ පණිවුඩයට අරගලකරුවන්ගෙන් මහින්දට ක්ෂණික පණිවුඩයක්

අරගලකරුවන් සමග සාක්චජා කිරීමට සූදානම් බවට අගමැතිවරයා කළ ප්‍රකාශයට වහාම පිළිතුරු දැක්වීමට ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන් පියවර ගෙන ඇත.

ඒ අනුව සිය ඉල්ලීම් මෙසේ පෙළගැස්වීමට ඔවුන් පියවර ගෙන ඇත.

“උද්ඝෝෂකයින් සමග සාකච්ඡා කරන්න අගමැති සූදානම්” කියල කතාවක් දැක්කා.

මහින්ද රාජපක්ෂ එක්ක අපට ආයෙ සාකච්ඡා කර කර ඉන්න දෙයක් නෑ. ඉල්ලීම් සේරම මේ වෙනකොට මුළුමහත් සමාජය ම දන්නවා. ආයෙ මතක් කළොත්;

  1. ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතුයි. මහින්ද රාජපක්ෂත් ඉල්ලා අස්විය යුතුයි. නාමල්, බැසිල්, චමල්, ශෂීන්ද්‍ර ඇතුළු රාජපක්ෂ පවුල ම දේශපාලනයෙන් සමුගත යුතුයි. ඔවුන් වටේ ඉන්න සමස්ත පවුල් ගසත් දේශපාලනයෙන් සමුගත යුතුයි. ඊට පසු පූර්ණ පාරදෘශ්‍ය විගණනයක් කර, ඉපැයූ මාර්ගය පෙන්විය නොහැකි වත්කම් සියල්ල රාජසන්තක කළ යුතුයි.
  2. පාර්ලිමේන්තු බහුතරයකින් නව ජනාධිපතිවරයකු පත් කරගත යුතුයි. ඔහු යටතේ ආර්ථිකය, සෞඛ්‍යය, අධ්‍යාපනය, බලශක්තිය, ප්‍රවාහනය, කෘෂිකර්මය, කර්මාන්ත ආදී සීමිත විෂයපථයන් 10කට නොවැඩි ගණනක් සහිත කැබිනට් මණ්ඩලයක් පත්විය යුතුයි. එය පොහොට්ටුවට සීමා නොවිය යුතුයි. (භාරකාර රජයක් ලෙස)
  3. එම කැබිනට් මණ්ඩලය වහා ම ක්‍රියාත්මක වන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතුයි. ජාත්‍යන්තරය සමග ගනුදෙනු ආරම්භ කර විශ්වසනීය ලෙස ණය කළමනාකරණය කිරීම ඇරඹිය යුතුයි.
  4. අවම වශයෙන් 15 අවුරුදු ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි සහ ඊට ඇත්තට ම විෂය දන්නා මිනිසුන්ගේ ආදාරයන් ලබාගත යුතුයි. ඒ වගේ ම භාරකාර රජය එය අකුරට ම ක්‍රියාත්මක කළ යුතුයි.
  5. මේ පි/ස්/සා වගේ ම තවත් පිස්සකුට මෙවැනි ම හෝ මීටත් අන්ත පිස්සුවක් කෙළීමට ඇති ඉඩ සදාකාලික ව අහුරමින්, විධායක බලතල කප්පාදු කළ යුතුයි. එනම්, 20 අහොසි කර, 19ටත් එහා ගිය බලතල කප්පාදුවක් (19+) ගෙන ආ යුතුයි. එහි 19ට එහා ගිය කරුණු අතර අනිවාර්යයෙන් ම, ජනාධිපති සමාවට සීමා පැනවිය යුතුයි සහ ආණ්ඩු මාරු වූ පළියට නඩු ඉල්ලා අස්කරගැනීම වළක්වන ප්‍රතිපාදන (උදා. ස්වාධීන නීතිපති තනතුරක්) තිබිය යුතුයි.

ඔය ටික තමා ගාලුමුවදොර යෝජනා. ඔයිට එහා මිසක් ඊට අඩු හෝ වෙනස් යෝජනා නෑ. උදාහරණයක් ලෙස ජනතාවට ලයිට් දෙන්න, බඩුමිල අඩු කරන්න, වගේ ඒව මෙතන නෑ. ඒව ද්විතියික කාරණා. මීට වෙනස් සිල්ලර ඉල්ලීම් ටිකක් අරං මොකෙක් හරි අගමැති හම්බවෙන්න ගියොත් මතක තියාගන්න ඒ ආණ්ඩුවෙන් ම ප්ලාන්ට් කරපු එවුං.

මීට එහා කියන්න දෙයක් නෑ. මේක කෙළින් ම අගමැතිට යවන්න. ආයෙ සාකච්ඡා කර කර කාලෙ කන්න ඕන නෑ නෙ.

Chameera Jeewantha Dedduwage

පෙර පුවත – අගමැති මහින්ද ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමග සාකච්ඡා කිරීමට සූදානම් වෙයි

  1. ඉල්ලීම් හරියටහරි.. භාරකාර ආන්ඩුවක් යටතේ නිසි තින්දු තීරන අරන් සියලුම කේශ්ත්‍රයන් ගේ සාධනීය මහජන අපේක්ෂා මුදුන් පමුනුවන වෙනසක් කලයුතුයි.

  2. මන්ත්‍රීවරයෙක් ට පක්ෂ මාරු කිරීමට හැකියාවක් නොතිබිය යුතුයි. පක්ෂය මාරු කිරීමේදී මන්ත්‍රීධූරය අහෝසි විය යුතුයි..ඔහුට තම පක්ෂය සමඟ තවදුරටත් එකට සිටිය නොහැකි නම්ඉල්ලා අස්වී එම පක්ෂ ලයිස්තුවේ ඊළඟට සිටින වෙනත් මන්ත්‍රීවරයෙක් නම් කලයුතු වේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04