පාලකයාගෙන් ප්‍රශ්න කරන සංස්කෘතියක් රට තුළ ඇති කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ, වෙනුවෙන් ආණ්ඩුව කටයුතු කරමින් පවතින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
අද (13) පැවති ‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ නොච්චියාගම ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
මේ අතර තවමත් රටට ආර්ථික ස්වාධීනත්වය නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්වාධීනත්වය අත්පත්කර ගැනීම සඳහා වන පිඹුරුපත් සකසා ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.
වත්මන් ආණ්ඩුව රාජ්‍ය දේපළ කිසිවක් වෙනත් කිසිඳු රටකට විකුණා නොමැති ආණ්ඩුවක් බව සදහන් කළ ජනාධිපතිවරයා රට ආර්ථික වශයෙන් ස්වාධිපත්‍ය අත්පත්කර ගත යුතු බවයි පැවසුවේ.













