Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ශ්‍රී ලංකාවට සමඟ අවසන් සටනට එන්න පාකිස්ථානයට ලකුණු 233ක ඉලක්කයක්

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශය සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන අර්ධ අවසන් තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 232ක් රැස්කර ගැනීමට සමත් වුණා.

ඒ අනුව, මෙම තරගය ජයගෙන අවසන් මහා තරගයට ප්‍රවිෂ්ඨ වීම සඳහා පාකිස්ථාන A කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 233ක්.

කටාර් හි ඒෂියන් ටවුන් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

මේ අතර, ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඉන්දීය A කණ්ඩායම අතර පැවති පළමු අර්ධ අවසන් තරගයෙන් කඩුලු 08ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ, පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා A කණ්ඩායම, මෙතෙක් තරග සියල්ලම ජයගනිමින් අපරාජිතයන් ලෙස අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.