කොළඹ සිට වතුකරයට අයිස් ගෙන ගිය ජාවාරම්කරුවෙක් අයිස් සමඟ අල්ලයි

කොළඹ සිට හැටන් දක්වා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා රැගෙන ගිය සැකකරුවෙක් ඊයේ (06) පොල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් කළුගල ප්‍රදේශයේ, පොලිස් මාර්ග බාධක යොදා ඇති ස්ථානයක දී සිදුකළ පරීක්ෂා කිරීමේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු කුලී පදනම මත ලබා ගත් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිට ඇති අතර එම ත්‍රීරෝද රථය නවතා, පරීක්ෂා කිරීමේ දී සැකකරුගේ අත් බෑගය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3.5ක ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

මෙම පුද්ගලයා කොළඹ ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය රැගෙන වතුකරයට පැමිණ වතුකරයේ තරුණයන්ට එම මත්ද්‍රව්‍ය අලෙවි කරන බවයි මූලික විමර්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

සැකකරු හැටන් – දික්ඔය ප්‍රදේශයේ, වනරාජා වත්තේ පදිංචි වයස අවුරුදු 30ක් අයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46