අඟුලාන මුහුදේ අනතුරට පත් වේග ප්‍රහාරක යාත්‍රාව කොළඹ නැව් තටාකාංගනය වෙත රැගෙන එයි

මුර සංචාරයක නිරතව සිටියදී, පසුගිය අගෝස්තු 15 වනදා අනතුරට පත්ව මුහුදුබත් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ P 4447 වේග ප්‍රහාරක මුර යාත්‍රාව සාර්ථකව ගොඩගෙන පෙරේදා (11) දිනයේ ඉදිරි කටයුතු සඳහා කොළඹ නැව් තටාකාංගන පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

අදාළ යාත්‍රාව ගොඩ ගැනීම එම සිදුවීමට අදාළ අවසන් අදියර වූ අතර, එහි පළමු අදියර ලෙස අගෝස්තු 15 වැනි දින යාත්‍රාව අනතුරට පත් වීමෙන් ආපදාවට පත් එම යාත්‍රාවේ කාර්යය මණ්ඩලය සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය සහ අඟුලාන ප්‍රදේශයේ ධීවර ප්‍රජාව හා එක්ව සිදු කෙරුණා.

එම සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ එකොළොස් දෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීම සහ යාත්‍රාවේ දෙවන අණභාර නිලධාරීගේ දේහය සැප්තැම්බර් 04 වන දින සොයා ගැනීමත් සමඟ සාර්ථකව අවසන් වුණා.

ඒ අනුව අවසන් අදියර ලෙස, නාවික හමුදා කිමිදුම් හා ගොඩගැනීමේ කණ්ඩායම් විසින්, පවත්නා මුහුදේ රළු ස්වභාවය සහ දියයට තත්වයන් හමුවේ ක්‍රමිකව හා සම්මත ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ක්‍රියාත්මක කළ දීර්ඝ හා සංකීර්ණ මෙහෙයුමකින් අනතුරුව, මුහුදු පතුලේ අඩි 80 ක පමණ ගැඹුරක තිබූ වේග ප්‍රහාරක යාත්‍රාව සාර්ථකව ගොඩගැනීමට සමත්ව තිබුණා.

නාවික හමුදාවේ වෘත්තීය භාවය, ශිල්පීය දක්ෂතාවය සහ සියළුම ඉංජිනේරු තාක්ෂණික අංශයන්ගේ සම්බන්ධීකරණය හා දායකත්වය තුළින් ලද විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස සනිටුහන් වූ මෙම ගොඩගැනීමේ මෙහෙයුමේදී, නාවික හමුදා සමුද්‍රිය ඉංජිනේරු, නැව් බඳ කාර්මික, විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ඇතුළු තාක්ෂණික අංශ සහ කිමිදුම් හා ගොඩගැනීමේ කණ්ඩායම් විසින් සිය විශේෂඥ දැනුම, තාක්ෂණික හැකියාවන් සහ මෙහෙයුම් අත්දැකීම් උපයෝගී කර ගනිමින් යාත්‍රාව ක්‍රමානුකූලව මුහුදු පතුලේ සිට මතුපිටට ගෙන ඒම සිදුකරනු ලැබුවා.

ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගමේ තාක්ෂණික හා විශේෂඥ ශිල්පීය දායකත්වය ද සුවිශේෂී පිටිවහලක් වූ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24