අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් උන්වහන්සේව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට මේ වන විට රැගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.