ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි දිස්ත්රික්ක කිහිපයකට අදාළ වන පරිදි නායයෑම් පිළිබඳව, අදියර 1: විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දෙමින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (28) දින පස්වරු 04.00ට නිකුත් කරනු ලැබූ එම අනතුරු ඇඟවීමේ නිවේදනයේ ඉදිරි පැය 24 දක්වා වලංගු වන බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ.
ඒ අනුව, මහනුවර දිස්ත්රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්රික්කයේ වලපනේ, නිල්දණ්ඩාහින්න, හඟුරක්කෙත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙසත්, බදුල්ල දිස්ත්රික්කයේ හල්දුම්මුල්ල, පස්සර, කළුතර දිස්ත්රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල, මහනුවර දිස්ත්රික්කයේ යටිනුවර, තුම්පනේ, හතරලියද්ද, උඩපළාත, ගඟ ඉහළ කෝරලය, දොලුව, උඩුනුවර, කෑගල්ල දිස්ත්රික්කයේ අරණායක, රුවන්වැල්ල, දෙහිඕවිට, මාවනැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට, රඹුක්කන, මාතලේ දිස්ත්රික්කයේ රත්තොට, නුවරඑළිය දිස්ත්රික්කයේ කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, අඹගමුව කෝරළය, තලවකැලේ, මාතලේ දිස්ත්රික්කයේ රත්තොට සහ රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට, කිරිඇල්ල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්භවින් සිටින ලෙසද අනතුරු ඇඟවීමේ නිවේදනයේ සඳහන්.










