HIV ආසාදනය වැළැක්වීම සඳහා භාවිත කරන දිගුකාලීන බලපෑමක් සහිත ඖෂධයක සාමාන්‍ය නිෂ්පාදිත අප්‍රිකානු රටවලට අපනයනය කිරීම ඉන්දියාවේ Hetero ඖෂධ සමාගම ආරම්භකර තිබෙනවා.
ඒ අනුව සැම්බියාව, උගන්ඩාව සහ සිම්බාබ්වේ යන රටවලට ඖෂධ කුප්පි තුන්ලක්ෂයක් සැපයීමට සමාගම සැලසුම් කර ඇත.
Lenacapavir ලෙස හැඳින්වෙන මෙම ඖෂධය වසරකට දෙවරක් එන්නත් කිරීමෙන් ලබාදෙන අතර, දිනපතා HIV වැළැක්වීමේ පෙති භාවිත කිරීමට විකල්පයක් ලෙස සැලකෙනවා.
සායනික පරීක්ෂණවලදී HIV ආසාදනය වැළැක්වීම සඳහා ඉහළ කාර්යක්ෂමතාවක් පෙන්නුම් කිරීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානය 2025 වසරේදී මෙම ඖෂධය අතිරේක වැළැක්වීමේ ක්‍රමයක් ලෙස නිර්දේශ කර තිබෙනවා.
මෙම ඖෂධයේ මුල් නිෂ්පාදකයා වන Gilead Sciences සමාගම, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් 120කට සැපයීම සඳහා ඉන්දියාවේ Hetero සහ Dr. Reddy’s ඇතුළු ඖෂධ නිෂ්පාදකයන් හයදෙනෙකුට බලපත්‍ර ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඉදිරි 2027 වසරේ මුල් භාගයේදී තවත් අප්‍රිකානු රටවල් 10කට මෙම ඖෂධය සැපයීමට Hetero සමාගම සැලසුම් කර තිබේ.
එමෙන්ම නියාමන අනුමැතිය ලැබීමෙන් පසු ඉදිරි මාස කිහිපය තුළ ඉන්දියාව තුළද මෙම ඖෂධය හඳුන්වාදීමට සමාගම අපේක්ෂා කරනවා.










