යල කන්නයේ වී මිල දී ගැනීමට තවත් රුපියල් මිලියන 2,500ක් වෙන් කිරීමට හෙට (14) දිනයේ අමාත්‍ය මණ්ඩල වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව වෙළඳ අමාත්‍ය වසන්නත සමරසිංහ පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ මෙම වසර තුළ දී වී මිල දී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන දහඅට දහසකට වැඩි මුදලක් රජය විසින් වෙන්කර ඇති බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවති කහටගස්දිගිලිය ජන රැළිය අමතමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඒ, අනුව වී මිල දී ගැනීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව මෙවර යල කන්නයේ ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන්කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.













