22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ, අනුව ලබන 24 වනදා කොළඹ දී මෙම උද්ඝෝෂණය පවත්වන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.
විපක්ෂ නායක කාර්යාලයේ දී අද (13) පැවති කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ වන විට රට මුහුණ දෙන්නේ භයංකාර අභියෝගයකට බවත් වත්මන් රජය මෙම 22 සංශෝධනය තුළින් ප්රජාතන්ත්රවාදය විනාශ කර තනි පක්ෂ පාලනයක් ඇති කර රටේම බලය පැලවත්තට ගෙන යාමේ උත්සාහය පරාජය කළ යුතු බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.
පුරවැසියන් හා අනාගත පරපුර වෙනුවෙන් මෙම දුර්දාන්ත 22 වැනි සංශෝධනය පරාජය කරන ලොකුම වෙඩිමුරය තබන බවත් එය ආණ්ඩුවේ වෙනසක් කරා ගෙන යන බවත් ආණ්ඩුවේ දුර්දාන්ත පාලනය පරාජය කරන ලොකුම පියවර 24 වැනිදා සමගි ජන බලවේගය තබන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවටය මෙහිදී පැවසුවා.













