22කට එරෙහිව 24 වනදා සජබ කොළඹ දී දැවැන්ත උද්ඝෝෂණයක

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ, අනුව ලබන 24 වනදා කොළඹ දී මෙම උද්ඝෝෂණය පවත්වන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

විපක්ෂ නායක කාර්යාලයේ දී අද (13) පැවති කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ වන විට රට මුහුණ දෙන්නේ භයංකාර අභියෝගයකට බවත් වත්මන් රජය මෙම 22 සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර තනි පක්ෂ පාලනයක් ඇති කර රටේම බලය පැලවත්තට ගෙන යාමේ උත්සාහය පරාජය කළ යුතු බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

පුරවැසියන් හා අනාගත පරපුර වෙනුවෙන් මෙම දුර්දාන්ත 22 වැනි සංශෝධනය පරාජය කරන ලොකුම වෙඩිමුරය තබන බවත් එය ආණ්ඩුවේ වෙනසක් කරා ගෙන යන බවත් ආණ්ඩුවේ දුර්දාන්ත පාලනය පරාජය කරන ලොකුම පියවර 24 වැනිදා සමගි ජන බලවේගය තබන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවටය මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58