ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකිකයකු සතු පළමු දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට

මෙරට ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය පසුගියදා රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා.

ගල්ෆ්ස්ට්‍රීම් වර්ගයට අයත් මෙම පෞද්ගලික ජෙට් යානය ශ්‍රී ලංකාව බලා සිය මංගල ගුවන් ගමන සිදුකර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිටයි.

සාමාන්‍ය මගී ගුවන් යානා පියාසර කරන උසට වඩා ඉහළින්, මුහුදු මට්ටමේ සිට අඩි 51,000ක් පමණ උසකින් පියාසර කිරීමේ හැකියාවෙන් යුත් මෙම ගුවන් යානය, දිගු දුර ගුවන් ගමන් සඳහා නිර්මාණය කළ අති සුඛෝපභෝගී ව්‍යාපාරික ජෙට් යානයක්.

පැය 14කට ආසන්න කාලයක් අඛණ්ඩව පියාසර කළ හැකි මෙම යානයේ මගීන් 17 දෙනෙකුට පමණ සුවපහසු ලෙස ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

නිදන මැදිරියක්, ආහාරපාන සඳහා වෙන් වූ භෝජනාගාර පහසුකම්, විවේක කලාප සහ අංගසම්පූර්ණ මුළුතැන්ගෙයක් ඇතුළු පහසුකම් රැසක් එම යානය තුළ පවතිනවා.

සුවපහසුව, කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව අතින් ඉහළ මට්ටමක පවතින ගල්ෆ්ස්ට්‍රීම් ජෙට් යානා ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ප්‍රකට පුද්ගලයන් විසින් භාවිත කරනවා.

ඒ අතර ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ට්‍රිලියනපති ඉලෝන් මස්ක්, ගූගල් සමාගමේ සම-නිර්මාතෘවරුන් වන සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යාපාරික රූපට් මර්ඩොක් ද සිටිනවා.

මෙවැනි දිගු දුර සුඛෝපභෝගී ජෙට් යානයක් පෞද්ගලික පරිහරණය සඳහා මිලදී ගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස සැලකෙන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි, රොෂානා කෙයාර් ව්‍යාපාර ජාලයේ හිමිකරු වන ආචාර්ය රොෂ් ජලග්ගේ මහතායි.

රොෂානා කෙයාර් ව්‍යාපාර ජාලය ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව කේන්ද්‍ර කරගනිමින් සෞඛ්‍ය හා සත්කාර සේවා සපයනු ලබන ව්‍යාපාර ජාලයක්.

ඔහු සමඟ මෙම විශේෂ ගුවන් ගමන සඳහා ඔහුගේ බිරිඳ වන එංගලන්තයේ බැරිස්ටර්වරියක වන ප්‍රියංකා ගමගේ මහත්මියද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51