මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ, අනුව ජනවාරි පළමු වනදා සිට සැප්තැම්බර් 06 වනදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,567,007ක් බවයි එම අධිකාරිය සඳහන් කළේ.
වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම ගණන 395,377ක්.
එමෙන්ම එක්සත් රාජධානියෙන් සංචාරකයින් 152,625ක්, චීනයෙන් 102,473, ජර්මනියෙන් සංචාරකයින් 91,763ක්ද මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
මේ අතර සැප්තැම්බර් මස 01 වන දින සිට 06 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 31,885ක් ද මෙරට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.













