පාස්කු නඩුවෙන් එක් අයෙක් නිදහස්

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති උස්තාස් රෂීඩ් හජ්ජුල් අක්බර්ට එරෙහිව ගොනු කර තිබූ සියලුම චෝදනාවලින් නිදහස් කර තිබෙනවා.

ඔහුට එරෙහිව ගොනු කර ඇති සියලුම චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID) උපදෙස් දුන් බවයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා ඔහුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය ප්‍රකාශ කළේ, අදාළ නියෝගවලට අනුව උස්තාස් රෂීඩ් හජ්ජුල් අක්බර් කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් අද නිදහස් කළ බවයි.

තමා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී සහ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙසටයි අභියෝග කර තිබුණේ.

එම පෙත්සමට අනුව ඔහු 2022 ජනවාරි මාසයේදී ඇප මත නිදහස් වූ අතර අද දින ඔහු සියලු චෝදනාවලින් නිදහස් කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරනු ලැබු විමර්ශන කොමිසමේ නිර්දේශ මත අත්අඩංගුවට ගැනුණු අක්බාර්ට එරෙහි චෝදනාව වූයේ වහාබ්වාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමයි.

ඔහුට එරෙහිව සිදු කර ඇති විමර්ශන අවසන් වී ඇති බැවින් නිදහස් කිරීමට විරෝධයක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව ද අධිකරණයට දැනුම්දී තිබුණා.

ඒ අනුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු නිදහස් කර ඇත්තේ. මීට අමතරව අධිකරණය භාරයේ පැවති රෂීඩ් අක්බාර්ගේ විදෙස් ගමන් බලපත්‍රය ද යළි ඔහුට භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?