කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි කරමින් දෙල්ගොඩ දී මාරක අනතුරක්

මීගහවත්ත පොලිස් වසමේ නව මහනුවර මාර්ගයේ දෙල්ගොඩ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටී දැරියක් ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

බියගම දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථය මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර ඊයේ (19) දහවල් සිදුව තිබුණා.

අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු, එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු හා ළමුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා උඩුපිල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ත්‍රීරෝද රථ රියදුරු, කාන්තාවක් හා දැරියක් මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 69 හැවිරිදි දෙල්ගොඩ පදිංචිව සිටි අයෙකු, 39 හැවිරිදි සහ 07 හැවිරිදි සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි මව සහ දියණිය බවයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන්ගත් කුඩා දැරියක්ද රාගම රොහලට ඇතුළත් කර ඇති අතර, මීගහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16