කැකිරාව පොලිස් වසමේ කොට්ටල්බද්ද ප්‍රදේශයේ නිවසක දී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 56ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයාගේ නිවසේ පැවති සාදයක් අතරතුර දී අසල්වැසි නිවසේ පුද්ගලයෙකු සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් අසල්වැසි පුද්ගලයා විසින් අද (23) අලුයම තියුණු ආයුධයකින් මොහුට පහර දී තිබෙනවා.
පහරකෑමෙන් බරපතළ තත්ත්වයෙන් පසුවූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අපරාධය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කැකිරාව පොලිසිය විසින් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.













