Rajapura Handi Oil
Rajapura Diabetic Powder

83 කළු ජූලිය ගැන හොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කෙරේ

ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක් ලෙස සැලකෙන 1983 කළු ජූලිය ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත්, ඉන් පීඩාවට පත් වූ පුද්ගලයින් වෙත සහන සැලසීම පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබෙනවා.

එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිත්වය සඳහා සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය පත්කළ බවයි කතානායකවරයා අද (28) පාර්ලිමේන්තුව දැනුම් දුන්නේ.

ඊට අමතරව එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් ලෙස, අමාත්‍ය හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, මන්ත්‍රී මනෝ ගනේෂන්, මන්ත්‍රී අම්ර්තනාදන් අඩෙයික්කලනාදන්, මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන්, මන්ත්‍රිනී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, මන්ත්‍රී තනුර දිසානායක, මන්ත්‍රී සේන නානායක්කාර, මන්ත්‍රී සුරංග රත්නායක, මන්ත්‍රිනී හිරුනි විජේසිංහ යන අය නම්කර ඇති බවයි කතානායකවරයා නිවේදනය කළේ.