Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රටම කතාවෙන හදවත් බද්ධ සැත්කමේ තවමත් ඔබ නොඇසූ කතාව මෙන්න

හදිසි අනතුරකට ලක්ව මොළය මියගිය 19 හැවිරිදි තරුණයෙකුගේ හදවත 14 හැවිරිදි දරුවෙකුට සාර්ථකව බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රමගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් විසින් පෙරේදා (26) දිනයේ පැය 07කට අධික කාලයක් මෙම සැත්කම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැත්කම සැලකෙන්නේ මෙරට රෝහලක සිදුකළ තුන්වන හදවත් බද්ධ කිරීමේ සැත්කම ලෙසටයි.

හදිසි අනතුරකට ලක්ව ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොළය මියගිය 19 හැවිරිදි තරුණයාගේ හදවත පරිත්‍යාග කිරීමට ඔහුගේ දෙමව්පියන් කැමැත්ත පළකර තිබෙනවා.

එලෙස පරිත්‍යාග කළ හදවත හදවත, ගම්පහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ක්‍රීඩාංගනය වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් ද ගොස් තිබුණා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත එය ගුවන් මගින් ජාතික රෝහල වෙත රැගෙන ඒමට තරමක් දුෂ්කර කාර්යයක් වූ බැවින් යළි ගිලන් රථය මඟින් එය ජාතික රෝහල වෙත රැගෙන ඒමටයි පසුව කටයුතු කර තිබුණේ.

එහිදී ගම්පහ සිට කොළඹ දක්වා විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ මාර්ගය ඔස්සේ හදවත කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ, අනුව නියමිත කාලය තුළ හදවත ජාතික රෝහල වෙත රැගෙන ඒමට සමත්ව ඇති අතර, අනතුරුව දරුවාට එය සාර්ථකව බද්ධ කිරීමට වෛද්‍ය කණ්ඩායම සමත්ව තිබෙනවා.