2026 අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පැවැත්වෙන උපකාරක පන්ති දෙසැම්බර් මස 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ, උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු ද විභාග අවසන් වන තුරු තහනම් කර ඇති බවයි.
2026 වර්ෂයට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 වනදා ආරම්භ වී දෙසැම්බර් 17 දක්වා පැවැත්වීමට නියමිතයි.
