ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරයේදී මානසිකව කරදර කරනවා – සොහොයුරිය චෝදනා කරයි

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අඩියාලා බන්ධනාගාරයේදී “දැඩි මානසික වධහිංසාවට” ලක්කරමින් සිටින බවට ඔහුගේ සොහොයුරිය වන ආචාර්ය උස්මා ඛාන් චෝදනා කර තිබෙනවා.

අධිකරණ නියෝගයක් අනුව වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හි පාකිස්තාන වෛද්‍ය විද්‍යා ආයතනයට (PIMS) රැගෙන ගොස් පරීක්ෂා කිරීමෙන් පසු යළි බන්ධනාගාරයට රැගෙන ගිය අවස්ථාවේ ඇය මෙම චෝදනා එල්ල කළා.

උස්මා ඛාන් පැවසුවේ තම සොහොයුරා “මට වධහිංසා කරනවා” යැයි නැවත නැවතත් ප්‍රකාශ කළ බවත්, එක් ඇසක් ආවරණය කර තිබූ බවත්, “මට අසාධාරණයක් කරනවා, මේ අය මිනිස්සු නොවෙයි” යන පණිවුඩය ජනතාවට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටි බවයි.

ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශක සයීද් සුල්ෆිකාර් බුහාරි ද එම චෝදනා යළි අවධාරණය කරමින්, බන්ධනාගාරය තුළ ඔහුට නැවත නැවතත් මානසික පීඩනය සහ වධහිංසා එල්ල වන බව කියා සිටියා.

කෙසේ වෙතත් පාකිස්තාන රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. තොරතුරු අමාත්‍ය අත්තවුල්ලා තරාර් පැවසුවේ අක්ෂි, හෘද සහ සාමාන්‍ය වෛද්‍ය විශේෂඥයන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ඉම්රාන් ඛාන් පරීක්ෂා කළ බවත්, ඔහු වෛද්‍යමය වශයෙන් සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කළ බවයි.

පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ඉම්රාන් ඛාන් සැප්තැම්බර් 17 දක්වා පෞද්ගලික ෂිෆා ඉන්ටර්නැෂනල් රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස නියෝග කළද, රජය ඔහු PIMS රෝහලේ පරීක්ෂා කර පැය කිහිපයකින් යළි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14