Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 30 කින් පහළට

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් මිල රුපියල් 30 කින් පහළ දමා තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 394ක්.

කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධන මිල ගණන් වල කිසිඳු වෙනසක් සිදුව නැහැ.

සුදු ඩීසල් ලීටරයක මිල -රුපියල් 397ක් ලෙසත්, සුපිරි ඩිසල් ලීටරයක මිල රුපියල් 543ක් ලෙසත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 490ක් ලෙසත් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285ක් ලෙසත් පවතිනවා.