මඩකලපුව, කරුවප්පංකේණි ප්රදේශයේ දී විදුලිසැර වැදී තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිවසක ඉහළ මහලේ වහළ කොටසේ අලුත්වැඩියා කටයුතුවල නිරතව සිටි තරුණයින් දෙදෙනෙක්ට මෙලෙස විදුලිසැර වැදී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
නිවසේ වහළයට ඉහළින් ඇද තිබූ අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් මොවුන් දෙදෙනාට විදුලි සැර වැදී ඇති බවයි සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.
පළමුව එක් පුද්ගලයෙකුට විදුලි සැර වැදී ඇති අතර, විදුලි සැර වැදුණු ඔහුව බේරාගැනීමට ගිය අනෙක් පුද්ගලයාට ද විදුලි සැර වැදී තිබෙනවා.
විදුලි සැර වැදුණු එම තරුණයින් දෙදෙනාම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
මඩකලපුව මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.










