Rajapura Handi Oil
Rajapura Diabetic Powder

එළඹෙන උත්සය සමයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොග සඟවා ගත්තොත් වැඩවරදී

නත්තල් සහ නව වසර උත්සව සමය තුළ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් වැළැක්වීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක ඉරීමට නියමිත බව එම අධිකාරිය පවසනවා.

පසුගිය 23 වැනිදා ආරම්භ වූ මෙම වැඩසටහන ලබන වසරේ ජනවාරි 15 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන්නේ.

නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම සහ ලේබල් තොරතුරු වෙනස් කිරීම, අසත්‍ය වට්ටම් සහ නොමඟ යවන වෙළෙඳ ප්‍රචාරණ, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩ සඟවා තැබීම සහ කෘත්‍රිම හිඟයන් ඇති කිරීම, ඉල්ලා සිටින විට බිල්පත් නිකුත් නොකිරීම, අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් සබන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනවා.

එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, නත්තල් කේක්, බේකරි නිෂ්පාදන, රසකැවිලි, තෑගි ඇසුරුම් (Gift Hampers), ඇඳුම් පැළඳුම්, පාවහන්, සෙල්ලම් බඩු, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ, බෝතල් කළ පානීය ජලය සහ පාසල් උපකරණ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමට නියමිතයි.

ප්‍රධාන තොග හා සිල්ලර වෙළෙඳසැල්, ගබඩා, සුපිරි වෙළෙඳසැල්, නිෂ්පාදන හා බෙදාහැරීමේ ස්ථාන, හෝටල්, ආපනශාලා, ජංගම වෙළෙඳුන් සහ විශේෂ අලෙවි ප්‍රවර්ධන මෙම වැඩසටහන යටතේ විමර්ශනයට ලක් කෙරේ.



අපගේ නවතම වීඩියෝ පුවත්