Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බස්නාහිර පළාතේ පාසල්වල තෙවන වාර විභාගය හෙට සහ අනිද්දා නියමිත පරිදි

2026 වර්ෂයට අදාළ බස්නාහිර පළාතේ තෙවන වාර විභාගය හෙට (30) සහ අනිද්දා (01) යන දෙදින තුළ නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ පවසනවා.

අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමග එක්ව විභාගය පැවැත්වීමට අදාළ සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි ඇය සඳහන් කර සිටියේ.

එමෙන්ම මෙම විභාගය සඳහා අවශ්‍ය ලිඛිත ප්‍රශ්න පත්‍ර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කර ඇති අතර, ඒවා මේ වන විට කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත ලබාදීමට පියවර ගෙන ඇති බවයි ළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සඳහන් කළේ.

බස්නාහිර පළාතේ 06 සහ 07 ශ්‍රේණි සඳහා ගණිතය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යන විෂයයන්ට අදාළවත්, 08 සහ 09 ශ්‍රේණි සඳහා විද්‍යාව හා සෞන්දර්ය විෂයයන්ට අදාළවත් වාර විභාගය පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්