Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පොලිස් නිල සුනඛ අංශයට අලුතින් නෙදර්ලන්තයෙන් සුනඛයින්

පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ අංශය සඳහා පුහුණුකර රාජකාරී සඳහා යෙදවීමට නෙදර්ලන්තයේ සිට සුනඛයන් 40 දෙනෙක් අද (29) මෙරටට රැගෙන එනු ලැබුවා.

වයස අවුරුද්දක සීමාවේ පසුවන ජර්මන් ෂෙපර්ඩ්, ලැබ්‍රඩෝ, මැලිනොයිස් සහ බීගල් වර්ගයේ සුනඛයන් 40 දෙනෙක් මෙලෙස දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

මෙම සතුන් පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂාව සහ හදුනාගැනීම , මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීමට සහ ශ්‍රී ලංකාව තුළ සිදු වන විවිධ අපරාධ ඉව කිරීම් මගින් විමර්ශනය කිරීම පිළිබද පුහුණු කිරීම්වලට යොමු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම සුනඛයන් එක් සතෙක් රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනාකමකින් යුක්ත වන බවයි පොලිස් නිල සුනඛ අංශයේ ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ.

මෙම සුනඛයින් නෙදර්ලන්තයේ සිට දෝහා වෙත රැගෙන විත්, එතැන් සිට අද (29) අලුයම 01.38ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.