Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අයාලේ යන ගවයින්ට මඩකලපුව මහනගර සභාවෙන් දැඩි නීති – දෙපාරක් අහුවුනොත් වෙන්දේසි දානවා

මඩකලපුව මහනගර සභා සීමාව තුළ අයාලේ යන ගවයන් හේතුවෙන් ගැටළු රැසක් පැනනැගී තිබෙනවා.

මේ හේතුවෙන් අයාලේ යන ගවයින්ගෙන් නගරය ආරක්ෂා කර ගැනීම සහ මාර්ග අනතුරු වළක්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි මඩකලපුව නගරාධිපති සිවම් පාක්‍යනාදන් පවසන්නේ.

මහනගර සභාව ක්‍රියාත්මක කරන මෙම විශේෂ මෙහෙයුම යටතේ පසුගිය සතියක කාලය තුළ පමණක් අයාලේ යන ගවයන් 150 දෙනෙකු පමණ අල්ලා ගැනීමට හැකිව තිබෙනවා.

එමෙන්ම ගවයා නිදහස් කර ගැනීමට ප්‍රමාද වන සෑම අමතර දිනයක් සඳහාම රුපියල් 1,000 බැගින් අමතර ගාස්තුවක් ගෙවීමට ද සත්වයාගේ හිමිකරුට සිදුවනවා.

එම ගවයාම අවස්ථා දෙකක දී අල්ලා ගනු ලැබුවහොත්, අධිකරණයට ඉදිරිපත් කර වෙන්දේසි කිරීමට ද කටයුතු සූදානම් කරමින් පවතින බවයි නගරාධිපතිවරයා සඳහන් කළේ.

ඒ, අනුව තම ගවයන් මහා මාර්ගවල අයාලේ යාමට ඉඩ නොදී රඳවා තබා ගැනීමට කටයුතු කරන ලෙස ගව හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.