බංග්ලාදේශයෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්වන මුෂ්ෆිකර් රහීම් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මුෂ්ෆිකර් රහීම් එළඹෙන වසරේ පෙබරවාරි 14 වැනිදා මිර්පූර්හිදී එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසු ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යන බවයි ඔහු පවසන්නේ.
බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මුෂ්ෆිකර් රහීම් වසර 21ක් පුරා පැවති සිය විශිෂ්ට ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට තිත තබමින් මෙම තීරණය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය වෙත දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.
මේ වනවිට 39 හැවිරිදි වියේ පසුවන ඔහු බංග්ලාදේශය වෙනුවෙන් 2005 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 108ක් ක්‍රීඩා කර තිබෙනවා.
ටෙස්ට් තරග 100කට ක්‍රීඩා කළ පළමු බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්ම, එම ආකෘතිය තුළ ලකුණු 7,000 සීමාව පසු කළ පළමු ක්‍රීඩකයා ද වන්නේ මුෂ්ෆිකර් වීම විශේෂත්වයක්.
එමෙන්ම ඔහු බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා ද වන අතර ඔහු මේ වනවිට රැස්කරගෙන ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 7062ක්.
බංග්ලාදේශය බිහි කළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ද ඔහු පුළුල් ලෙස පිළිගැනීමට ලක්ව සිටින ක්‍රීඩකයෙක්.
