Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 81කින් සම්මත වෙයි

2027 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ හයවන දිනය වන අද (28) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ (103, 222 සිට 224, 304, 325) වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව අද ප.ව 6.20 ට පමණ සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් ආරක්ෂක අමාත්‍යාංශයේ 103 වැය ශීර්ෂය සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 85 ක්ද විපක්ෂව ඡන්ද 04 ක්ද හිමි වුණා.

ඒ අනුව වැඩි ඡන්ද 81 කින් එම (103 ) වැය ශීර්ෂය සම්මත වුණා.

මේ අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ 225 සංශෝධන සහිතව ද
අනෙකුත් වැය ශීර්ෂ (189, 226,320) ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.