හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා මෙහෙයවා ඇති සමස්ත වාහන සංඛ්‍යාව මිලියන පහක සන්ධිස්ථානයට ළඟා වී ඇති බව එම වරාය පාලනාධිකාරිය දැනුම් දෙනවා.
වරායේ රථවාහන ප්‍රතිනැව්ගත කිරීමේ මෙහෙයුම්වල සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම ජයග්‍රහණය අත්කරගෙන ඇති බවයි එම වරාය සඳහන් කළේ.
මෙම ජයග්‍රහණයත් සමඟ වාහන ප්‍රතිනැව්ගත කිරීමේ සහ ගබඩා කිරීමේ ධාරිතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා නව යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද වරාය සැලසුම් කර ඇති බවයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිවේදනය කරන්නේ.
මෙම නව යටිතල පහසුකම් මගින් වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ජාත්‍යන්තර රථවාහන ප්‍රවාහන නෞකා සමාගම්වල වැඩිවන අවශ්‍යතා සපුරාලීමට අපේක්ෂා කෙරනවා.
ඒ අනුව, වාහන ප්‍රවාහන නෞකා (RoRo) සඳහාම වෙන් වූ නව නැව් නැංගුරම්පොළක් සහ වාහන ගබඩා කිරීම සඳහා නව රථගාලක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ අතර, 2025 වසරේදී හම්බන්තොට වරාය හරහා වාහන 726,153ක් මෙහෙයවා ඇති අතර, 2024 වසරේදී මෙහෙයවූ වාහන සංඛ්‍යාව 579,362ක් ලෙස වාර්තා වනවා.
ඒ අනුව 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී වාහන මෙහෙයුම් සංඛ්‍යාව 146,791කින් හෙවත් සියයට 25.3කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම 2026 ජූලි මාසයේදී පමණක් වාහන 104,620ක් මෙහෙයවමින් හම්බන්තොට වරායේ එක් මාසයක් තුළ වාර්තා වූ වැඩිම රථවාහන මෙහෙයුම් සංඛ්‍යාව සනිටුහන් කර ඇති බවයි වරාය පාලනාධිකාරිය සඳහන් කරන්නේ.
2017 වසරේ දෙසැම්බර් මාසයේදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය යටතේ මෙහෙයුම් ආරම්භ කළ අවස්ථාවේ වාර්ෂිකව වාහන 100,000ක් පමණ මෙහෙයවා ඇති අතර, එතැන් සිට වරායේ රථවාහන මෙහෙයුම් ක්ෂේත්රය ක්‍රමයෙන් වර්ධනය වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
ප්‍රධාන නැගෙනහිර – බටහිර ජාත්‍යන්තර නාවික මාර්ගයට නාවික සැතපුම් 10ක් පමණ ආසන්නයෙන් පිහිටි හම්බන්තොට වරාය ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව අතර සිදුකෙරෙන ජාත්‍යන්තර රථවාහන ප්‍රවාහනයේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීම අපේක්ෂාව බව ද වරාය පාලනාධිකාරිය වැඩිදුරටත් පවසනවා.
