හෙට (30) දිනයෙන් අවසන් කිරීමට නියමිතව තිබූ, 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා ගොනුකිරීම සඳහා තවත් දින 14ක සහන කාලයක් ලබා දී තිබෙනවා.
ඒ අනුව, හෙට (30) දිනය වෙනුවට, ලබන දෙසැම්බර් මස 14 වන දින දක්වා සහන කාලයක් ලබා දීමටයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව ආදායම් බදු සඳහා ලියාපදිංචි සියලුම තැනැත්තන් නොවැම්බර් 30 දිනට පෙර සිය බදු වාර්තා ගොනු කළ යුතු වුවත්, මෙවර ප්‍රථම වරට බදු වාර්තා ගොනුකරන සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන් නොවැම්බර් මාසය තුළ දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) වෙත දැඩි පීඩනයක් එල්ල වී පද්ධතියේ තදබදයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පද්ධතිමය ප්‍රමාදයන් හේතුවෙන් බදු ගෙවන්නන්ට සහ ඔවුන්ගේ නියෝජිතයන්ට නියමිත දිනට පෙර වාර්තා ඉදිරිපත් කිරීමට අපහසුතා මතු වී තිබීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව, 2026 දෙසැම්බර් මස 14 වන දින හෝ ඊට පෙර සිය බදු වාර්තා ගොනු කරනු ලබන බදු ගෙවන්නන් සඳහා දණ්ඩන පැනවීම්, පැහැර හරින ලද තක්සේරු නිකුත් කිරීම් හෝ පනත යටතේ වන වෙනත් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.










