විවිධ වෘත්තීය කණ්ඩායම් හෙට (30) දින ප්‍රකාශයට පත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයවලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සහය නොදක්වන එම සංගමය පවසනවා.
එම සංගමය විසින් සාධනීය යෝජනා මාලාවක් මේ වන විට වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවත්, යෝජනා කර ඇති පරිදි සමස්ත රාජ්‍ය සේවය සංවිධිත, කාර්යක්ෂම හා ඵලදායී ලෙස කළමනාකරණය කළ හැකි වන පරිදි මෙම කොමිසම වැටුප් හා දීමනා සංශෝධනය කිරීමට කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිවේදනය කර තිබෙනවා.
එවැනි තත්වයක් තුළ රාජ්‍ය සේවාව මගින් මහජනතාවට ලැබිය යුතු සේවාවන් අඩපණ කිරීම සඳහා කටයුතු කිරීමට හෝ තව දුරටත් රාජ්‍යයේ ආර්ථික තත්වය දුර්වල කෙරෙන ක්‍රියාමාර්ග සදහා සහය දැක්වීමට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් වන ප්රමුඛ සේවාව ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය බලාපොරොත්තු නොවන බවත් එම නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත් රජය විසින් වැටුප් කොමිෂන් සභාවක් පිහිටුවා තිබියදී එහි නිර්දේශ නොමැතිව විවිධ පාර්ශ්වයන් වෙත අවිධිමත් ආකාරයට සහන ලබා දීම සඳහා ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව සංගමයේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව ද එම සංගමය පවසනවා.










