අයවැයට විරෝධය පළ කරමින් මෙරට වෘත්තීය සමිති කිහිපයක් විසින් හෙට (30) දිනයේ දී සංවිධානය කර තිබෙන වැඩවර්ජන ක්‍රියාවලිය සඳහා සිය සංගමය සහභාගී නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව අද (29) පස්වරුවේ, අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.










