අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.
නාවල, විජයබාහු මාවතේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබූ නන්දා මාලනියගේ දේහය රිය පෙරහැරකින් බොරැල්ල පොදු සුසාන භූමිය දක්වා රැගෙන ආවා.
ඉන් අනතුරව දහසක් නෙත් හඬවමින්, ජාතියේ යශෝරාවය විරුධාවලිය ලත් නන්දා මාලනිගේ අවසන් කටයුතු සිදු කෙරුණා.
මෙම්ක අවස්ථාව සඳහා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා.













