හොර රහසේ ගෙදරට ගිහින් විදුහල්පතිනිය අවසන් ගමන් යැවූ සිසුන් දෙදෙනා මාට්ටු

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ පාසලක සිසුන් දෙදෙනෙක් විසින් එම පාසලේ විදුහල්පතිනියව ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 48 හැවිරිදි කාන්තාවක්.

මෙම විදුහල්පතිනියව ඝාතනය සම්බන්ධයෙන් අදාළ සිසුන් දෙදෙනා මේ වන විට පොලිස් අත්අඩංගුවට පසුවනවා.

පසුගිය 12 වන දින උදෑසන විදුහල්පතිනියගේ දේහය ඇයගේ නිවසේ තිබිය දී සොයාගත් අතර ඇය තුවාල සහිතව මියගොස් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයට අදාළව පුද්ගලයින් 80 දෙනෙක්ට අධික සංඛ්‍යාවක්ගෙන් පොලිසිය ප්‍රශ්න කර තිබෙනවා.

කෙසේ වෙතත් සිදු කරනු ලැබූ විමර්ශනයේ දී ඇයගේ පාසලේ සිසුන් දෙදෙනෙක් සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුව ඇති අතර දින කිහිපයකට පෙර ඔවුන් දෙදෙනාට විදුහල්පතිනිය විසින් පාසලේ දී තරවටු කිරීමක් සිදුකර ඇති බව ද අනාවරණය වී තිබුණා.

පසුව හෙළිදරව් වී ඇත්තේ, මෙම සිසුන් දෙදෙනා විසින් සැලසුම් සහගතව මෙම අපරාධය සිදු කර ඇති බවයි.

විදුහල්පතිනියගේ නිවසට ඇතුළු වූ එක් සිසුවෙක් මුදල් සොරාගෙන පැන යාමට උත්සහ දරා ඇති අතර, එම අවස්ථාවේ දී විදුහල්පතිනිය විසින් අදාළ සිසුවා හඳුනාගෙන තිබෙනවා.

එලෙස තමාව හඳුනාගැනීම නිසාවෙන්, අදාළ සිසුවා විසින් විදුහල්පතිනිය වෙත පිහියකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඇයගේ දේහයේ කැපුම් තුවාල 27ක් පමණ පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් අදාළ සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී ලේ පැල්ලම් සහිත මුදල් නෝට්ටුවලින් ඉන්දීය රුපියල් 154,000ක මුදලක්, සැකකරුවන් විසින් මිලදී ගන්නා ලද නවීන ජංගම දුරකතනයක් (iPhone) සහ අදාළ විදුහල්පතිනියගේ දුරකථනය ද සොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51