චීන යන්ත්‍ර මත යැපීම අඩු කිරීමට ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.2ක පියවරක්

ඉදිකිරීම් සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා භාවිත වන උසස් තාක්ෂණික යන්ත්‍රෝපකරණ දේශීයව නිෂ්පාදනය කිරීම දිරිගැන්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක දිරිගැන්වීම් සැලැස්මක් අනුමත කිරීමට ඉන්දීය රජය සූදානම් වෙමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මෙම වැඩසටහන මගින් ඉදිරි වසර හත තුළ දේශීය නිෂ්පාදකයන්ට මූල්‍ය දිරිගැන්වීම් ලබා දෙමින් ඩොලර් බිලියන 1.8ක නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කර තිබෙනවා.

නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති යන්ත්‍ර වනුයේ, උමං මාර්ග කැණීම සඳහා භාවිත වන ටනල් බෝරින් යන්ත්‍ර (Tunnel Boring Machines – TBMs), ගිනි නිවීමේ උසස් උපකරණ, බහු මහල් ගොඩනැගිලි සඳහා භාවිත වන ලිෆ්ට් පද්ධති, අනෙකුත් යටිතල පහසුකම් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ආදියයි.

ඉන්දියාව මේ වන විට TBM යන්ත්‍ර සඳහා විශාල වශයෙන් චීනය මත යැපෙන අතර, මෙට්‍රෝ දුම්රිය, අධිවේගී මාර්ග සහ උමං මාර්ග ව්‍යාපෘතිවල භාවිත වන යන්ත්‍ර බොහොමයක් චීනයෙන් ආනයනය කරනවා.

2020 ඉන්දු-චීන දේශසීමා ගැටුමෙන් පසු නවදිල්ලිය චීන ආයෝජන සහ රජයේ ප්‍රසම්පාදන සඳහා සීමා පැනවනු ලැබුවා.

2024 වසරේ චීනය ඉන්දියාවට TBM යන්ත්‍ර අපනයනය ප්‍රමාද කිරීමත් සමඟ මෙම යන්ත්‍රවල සැපයුම සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා චීනයෙන් ආනයන මත පවතින යැපීම අඩු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම දිරිගැන්වීම් වැඩසටහනෙන් රජයේ BEML සමාගමට මෙන්ම Larsen & Toubro සහ Johnson Lifts ඇතුළු ඉන්දීය යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සමාගම් රැසකට ප්‍රතිලාභ හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඉන්දියාවේ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් උපකරණ වෙළෙඳපොළේ වටිනාකම මේ වන විට ඉන්දීය රුපියල් ට්‍රිලියන 1ක් පමණ වන අතර, මාර්ග, මෙට්‍රෝ, ගුවන් තොටුපොළ සහ අනෙකුත් යටිතල පහසුකම් ව්‍යාපෘති වේගවත් කිරීමත් සමඟ එය තවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57