ඉන්දීය අභ්‍යවකාශ කර්මාන්තය ගැන මෝදිට ලොකු බලාපොරොත්තුවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අභ්‍යවකාශ ස්ටාර්ට්අප් සමාගම් 20ක ප්‍රධාන විධායක නිලධාරීන් සහ නිර්මාතෘවරුන් හමුවී, ඉන්දියාව ලෝකයේ අභ්‍යවකාශ නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතු බව අවධාරණය කර තිබෙනවා.

ඉන්දීය රජය නිවේදනය කළේ “සේවා තීර්ත්” හි පැවති මෙම හමුවේදී ඉන්දියාවේ පෞද්ගලික අභ්‍යවකාශ කර්මාන්තයේ වේගවත් වර්ධනය සහ ඉදිරියේ ඇති අවස්ථා පිළිබඳව පුළුල් සාකච්ඡාවක් පැවැති බවයි.

මෙම සමාගම් රොකට් නිෂ්පාදනය, නැවත භාවිත කළ හැකි දියත් කිරීමේ වාහන, චන්ද්‍රිකා, නවීන ප්‍රචාලන පද්ධති, අභ්‍යවකාශ හා ආරක්ෂක බුද්ධි තොරතුරු, අභ්‍යවකාශ අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ කාලගුණ හා දේශගුණ අනාවැකි තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක කටයුතු කරනවා.

ස්ටාර්ට්අප් නායකයන් ප්‍රකාශ කළේ, ඉන්දියාව තුළම දේශීය තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා විශාල ආයෝජන සහ පර්යේෂණ සිදු කර ඇති බවත්, පෞද්ගලික අංශයට අභ්‍යවකාශ ක්ෂේත්‍රය විවෘත කළ මෝදි රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් නව අවස්ථා රැසක් බිහි වූ බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය මෝදි, අභියෝගාත්මක නව ක්ෂේත්‍රයකට පිවිස නායකත්වය ගත් ව්‍යවසායකයන්ට සුබ පැතීය. අභ්‍යවකාශ තාක්ෂණය ජනතාවගේ දෛනික ජීවිතය පහසු කරන නව විසඳුම් සඳහා යොදා ගන්නා ලෙසත්, අනෙකුත් කර්මාන්ත හා පර්යේෂණ ආයතන සමඟ සමීප සහයෝගිතාවක් ගොඩනඟන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

“ලෝකය අභ්‍යවකාශය ගැන සිතන විට ඉන්දියාව දෙස බලන පරිසරයක් නිර්මාණය කළ යුතුයි,” යනුවෙන් මෝදි ප්‍රකාශ කළ අතර, ඉන්දියාව ගෝලීය දක්ෂතා, සමාගම් සහ ආයෝජන ආකර්ෂණය කරන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් බවට පත්විය හැකි බව ද සඳහන් කළා.

මෙම හමුවට Skyroot Aerospace, Agnikul Cosmos, Pixxel, Dhruva Space, Bellatrix Aerospace, Digantara, SatSure ඇතුළු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ අභ්‍යවකාශ ස්ටාර්ට්අප් සමාගම් 20ක නියෝජිතයන් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57