තරගයෙන් පසු පාපන්දු ලෝක ශුරයන් එක්ක පැටලුනු ආජන්ටිනාවේ ක්‍රීඩකයින්ට වැඩ වරදී

2026 FIFA ලෝක කුසලාන අවසාන මහා තරගය අවසන් වීමත් සමඟ ස්පාඤ්ඤ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආර්ජන්ටිනා ක්‍රීඩකයින්ට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් දැඩි පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, ස්පාඤ්ඤය ක්‍රීඩක එරික් ගාර්සියාගේ ගෙල තදින් අල්ලා ගැනීම සහ පබ්ලෝ ගාවි බිමට තල්ලු කර දැමීම නිසාවෙන් ආර්ජන්ටිනා ක්‍රීඩක ලෙයන්ඩ්රෝ පරේඩෙස්ට තරග 10ක තහනමක් සහ අමෙරිකානු ඩොලර් 90,000ක් දඩ මුදලක් නියම කර තිබෙනවා.

ආර්ජන්ටිනාවේ නහුවෙල් මොලීනාට තරග 7ක තහනමක් සහ අමෙරිකානු ඩොලර් 30,000ක දඩ මුදලක් ද නියම වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ආර්ජන්ටිනාවේ තියාගෝ අල්මාඩාට එක් තරගයක තහනමක් පැනවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඊට අමතරව ස්පාඤ්ඤයේ ගාවි ද එක් තරගයක තහනමක් පනවා තිබෙනවා.