පාස්කු නඩුවෙන් එක් අයෙක් නිදහස්

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති උස්තාස් රෂීඩ් හජ්ජුල් අක්බර්ට එරෙහිව ගොනු කර තිබූ සියලුම චෝදනාවලින් නිදහස් කර තිබෙනවා.

ඔහුට එරෙහිව ගොනු කර ඇති සියලුම චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID) උපදෙස් දුන් බවයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා ඔහුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය ප්‍රකාශ කළේ, අදාළ නියෝගවලට අනුව උස්තාස් රෂීඩ් හජ්ජුල් අක්බර් කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් අද නිදහස් කළ බවයි.

තමා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී සහ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙසටයි අභියෝග කර තිබුණේ.

එම පෙත්සමට අනුව ඔහු 2022 ජනවාරි මාසයේදී ඇප මත නිදහස් වූ අතර අද දින ඔහු සියලු චෝදනාවලින් නිදහස් කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරනු ලැබු විමර්ශන කොමිසමේ නිර්දේශ මත අත්අඩංගුවට ගැනුණු අක්බාර්ට එරෙහි චෝදනාව වූයේ වහාබ්වාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමයි.

ඔහුට එරෙහිව සිදු කර ඇති විමර්ශන අවසන් වී ඇති බැවින් නිදහස් කිරීමට විරෝධයක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව ද අධිකරණයට දැනුම්දී තිබුණා.

ඒ අනුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු නිදහස් කර ඇත්තේ. මීට අමතරව අධිකරණය භාරයේ පැවති රෂීඩ් අක්බාර්ගේ විදෙස් ගමන් බලපත්‍රය ද යළි ඔහුට භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35