රාගම – වල්පොල මාර්ගයේ වල්පොල දුම්රිය ස්ථානය ආසන්නයේ දී වල්පොල දෙසට ධාවනය වූ ලොරි රථයක් එහි රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක හා ලොරි රථයක ගැටී මාර්ගය අයිනේ ගමන්කළ කාන්තාවකගේ, ඇයගේ දියණියගේ හා පුතාගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (22) සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ ළමුන් දෙදෙනා හා කාන්තාව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගැහැණු ළමයා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 08 දැරියක්.
අනතුරට සම්බන්ධ ලොරි රථ රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර, රාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













