IMF ණය ගන්නා හැටි සමන්ත විද්‍යාරත්න කියයි (වීඩියෝ)

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගන්නේ නම් තමන් ණය ලබාගන්නේ මූල්‍ය අරමුදලට කොන්දේසි පනවා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසනවා.

අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එම කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් ණය ලබා නොගන්නා බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන කොන්දේසිවලට නොව මෙරට කොන්දේසිවලට ඔවුන් එකඟවන්නේ නම් පමණක් ණය ලබාගන්නා බවයි සමන්ත විද්‍යාරත්න මහතා කියාසිටියේ.

2009 වසරේ සිට 2022 වසර දක්වා ශ්‍රී ලංකාවෙන් විදෙස් රටවලට අපනයනය කළ භාණ්ඩ වෙනුවෙන් ලැබිය යුතු ඩොලර් බිලියන 60ක් තවමත් මෙරටට රැගෙන විත් නොමැති බවට ජාත්‍යන්තර ආයතනයක් ප්‍රකාශකර ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.

දේශපාලනඥයන්ට අල්ලස් ලබාදී ඇතැම් ව්‍යාපාරිකයන් අදාළ මුදල් විදෙස් රටවල ආයෝජන සඳහා යොදවා ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියාසිටියේ.

එම මුදල් යළි මෙරටට රැගෙන ආ යුතු බව ද ඔහු අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?