IMF සහාය ගැන මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දිගුකළ අරමුදල් පහසුකම යටතේ මෙරට වාරිකය මෙන් සියයට 400ක් නව වැඩසටහනක් යටතේ ලබාගැනීමට හැකිවනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

කෙසේ නමුත් එය, මෙරට මූල්‍ය පරතරය ඇගයීමෙන් අනතුරුව තීරණය කරනු ඇති බවයි ඔහු කියා සිටියේ.

2009 වසරේ ශ්‍රී ලංකාව විසින් මූල්‍ය අරමුදලෙන් ලබාගත් ණය පහසුකම, වාරිකය මෙන් සියයට 400ක්.

එහෙත් දැන් බාහිර මූල්‍ය පරතරය ඊට වඩා ඉහළ මට්ටමක පවතින බැවින් එම ප්‍රතිශතය ලබාගැනීම අභියෝගයක් විය හැකියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් දිගුකළ අරමුදල් පහසුකමේ වාරිකය මෙන් සියයට 400ක් හිමිවන්නේ නම් එය ඩොලර් බිලියන 3ක් පමණ වනු ඇති බව සඳහන්.

මෙරට විදේශ මුදල් අර්බුදයට පිළියමක් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිල සාකච්ඡා ලබන 18 වන දා ආරම්භ කිරීමට නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?