IMF සහාය ගැන මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දිගුකළ අරමුදල් පහසුකම යටතේ මෙරට වාරිකය මෙන් සියයට 400ක් නව වැඩසටහනක් යටතේ ලබාගැනීමට හැකිවනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

කෙසේ නමුත් එය, මෙරට මූල්‍ය පරතරය ඇගයීමෙන් අනතුරුව තීරණය කරනු ඇති බවයි ඔහු කියා සිටියේ.

2009 වසරේ ශ්‍රී ලංකාව විසින් මූල්‍ය අරමුදලෙන් ලබාගත් ණය පහසුකම, වාරිකය මෙන් සියයට 400ක්.

එහෙත් දැන් බාහිර මූල්‍ය පරතරය ඊට වඩා ඉහළ මට්ටමක පවතින බැවින් එම ප්‍රතිශතය ලබාගැනීම අභියෝගයක් විය හැකියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් දිගුකළ අරමුදල් පහසුකමේ වාරිකය මෙන් සියයට 400ක් හිමිවන්නේ නම් එය ඩොලර් බිලියන 3ක් පමණ වනු ඇති බව සඳහන්.

මෙරට විදේශ මුදල් අර්බුදයට පිළියමක් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිල සාකච්ඡා ලබන 18 වන දා ආරම්භ කිරීමට නියමිත යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04