ධීවර ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මන්නාරම සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං පැ.කි.මී. 60-70 ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (13) පස්වරුවේ නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක් මේ බව සඳහන් වුණා.

එබැවින් එම මුහුදු ප්‍රදේශ වල සිය කටයුතු වල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.