මිතුරන් පිරිසක් සමඟ යතුරුපැදිවලින් ගාල්ල ප්‍රදේශයේ විනෝද චාරිකාවක යමින් සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙක් රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිතුම් සංකල්ප නමැති 21 හැවිරිදි සිසුවෙක්.
මෙම සිසුවා තවත් මිතුරන් පස්දෙනෙකු සමඟ යතුරුපැදිවලින් කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් කරමින් සිටිය දී යතුරුපැදියෙන් ඇද වැටී ප්‍රති විරුද්ධ දිශාවෙන් පැමිණි පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක යත්වී තිබෙනවා.
අනතුරින් එම සිසුවා අනතුර සිදුවූ ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කළුතර උතුර පොලිසිය සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
කළුතර උතුර පොලිසියේ රථවාහන අංශ අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.










