Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දකුණු කොරියාවේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ අනන්‍යතාව අනාවරණය වෙයි

දකුණු කොරියාවේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දෙදෙනාගේ අනන්‍යතාව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, නොවැම්බර් 26 වන දින රාත්‍රී 9.00ට පමණ හ්වාසොං-සි හි ජංගන්-මියොන් ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරකින් මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා මියගිය බව හ්වාසොං සොබු පොලිස් ස්ථානය විසින් ඊයේ (27) දින තානාපති කාර්යාලයට දැනුම් දී ඇති බවයි.

ඒ, අනුව මියගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ගොඩකවෙල, රන්වල පදිංචි 39 හැවිරිදි දෙහිපිටිය විදානලගේ අනිල් කුමාර විජේරත්න සහ වලපනේ, හල්ග්‍රන්ඔය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මහේශ්වරන් ප්‍රසන්තන් බවට හඳුනාගෙන තිබෙනවා.

මියගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනාම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය අය බවයි වාර්තා වන්නේ.

මේ අතර මියගිය අයගේ දේහයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මෙන්ම අදාළ දකුණු කොරියානු බලධාරීන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව තානාපති කාර්යාලය සඳහන් කරනවා.

වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර සඳහන් කළේ.

මේ අතර, මියගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ දේහ මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතිනවා.

ඒ සඳහා සියෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය, දකුණු කොරියානු බලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මියගිය ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සමග සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටින බව සඳහන්.

එම පවුල්වලට අවශ්‍ය සියලු කොන්සියුලර් සහ සුබසාධන සේවා සැලසීමට මෙන්ම දේහ මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි වැඩබලන අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර වැඩිදුරටත් සඳහන් කළේ.