දැරියන් 06කට ලිංගික අතවර කළ බවට චෝදනා ඔප්පු වූ නාඔටුන්නේ විජිත හිමිට ඕස්ට්‍රේලියාවේදී වසර 13ක සිර දඬුවමක්

මෙල්බර්න් හි විහාරස්ථානයක දී බාලවයස්කාර දැරියන් හය දෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වරදකරු වීමෙන් පසු, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බෞද්ධ භික්ෂුවකට ඕස්ට්‍රේලියාවේදී වසර 13යි මාස 2ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ABC News Australia වාර්තා කරන පරිදි, මෙල්බර්න් හි ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි ‘ධම්ම සරණ’ විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂුව ලෙස කටයුතු කළ 71 හැවිරිදි නාඔටුන්නේ විජිත හිමියන්ටයි වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණය විසින් අද (08) මෙම දඬුවම නියම කර ඇත්තේ.

ළමුන් සම්බන්ධයෙන් ලිංගික සංසර්ගයේ යෙදීමේ චෝදනා 09ක් සහ අසභ්‍ය ක්‍රියාවන්හි යෙදීමේ චෝදනා 08ක් ඇතුළුව චෝදනා 17කට විජිත හිමියන් අධිකරණය හමුවේ වරදකරු වී තිබෙනවා.

මෙල්බර්න් හි ස්ප්‍රින්ග්වේල් සහ කීස්බරෝ ප්‍රදේශවල ක්‍රියාත්මක වූ එම විහාරස්ථානයේ දී 1994 සහ 2002 අතර කාලය තුළ මෙම අපරාධ සිදුවී ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

විජිත හිමියන් විසින් බාලවයස්කාර දැරියන්ව නැවත නැවතත් තම නවාතැන් කාමරයට ගෙන්වාගෙන ලිංගික අතවර සිදු කර ඇති බවත්, ඇතැම් අවස්ථාවල දී එම දැරියන්ගේ දෙමාපියන් අසල කාමරවල සිටියදී පවා එම ක්‍රියාවන් සිදු කර ඇති බවත් අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.

ආගමික කටයුතුවලට සහභාගී වීම සඳහා මෙම දැරියන් තම පවුල් සමඟ විහාරස්ථානයට පැමිණ සිටියදී මෙම සිදුවීම්වලට මුහුණ දී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12