NSB බැංකුවේ කෝටි 13 කට වැඩි මුදලක් පෞද්ගලික පරිහරණයට ගත්තු කැෂියර්ට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කර තිබූ රුපියල් කෝටි 13 කට අධික මුදලක් සිය පෞද්ගලික පරිහරණයට ගෙන සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා හතරකට වරදකරු කරනු ලැබූ කඩුවෙල ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන මුදල් අයකැමියා ලෙස සේවය කළ නිලධාරියාට බරපතළ වැඩ සහිත වසර 35ක සිරදඬුවම් හෝමාගම මහාධිකරණ විනිසුරු ක්‍රිෂාන්ති අමරතුංග මහත්මිය නියම කළා.

එම සිරදඬුවම එකවර ගෙවී යන ලෙස එනම් වසර 15කින් ගෙවී යන ලෙස ලබාදීමට ද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කරනු ලැබුවා.

ඊට අමතරව ඒලෙස සාවද්‍ය සාපරාදී පරිහරණය කළ මුදල ද ( රුපියල් 135,102,975.00) වන්දියක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත ගෙවීමටද නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම මුදල නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම්ද නියම කළා.