ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින් තවදුරටත් ඒ පිලිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස පොලීසිය, ජනතාවට දැනුම් දෙනවා.
ගම්පහ – දාරලුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු ළග තිබී ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු 34ක් සහ 5000 නෝට්ටු කිහිපයක් පොලීසිය ඊයේ සොයා ගත් අතර, ඒ පිලිබඳව අවධානය යොමුකරමිනුයි පොලීසිය මෙම දැනුම් දීම සිදු කරන්නේ.එම සිද්ධියේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා ව්‍යාජ මුදල් නෝට්ටු සකස් කිරීම සඳහා යොදා ගත් පරිගණකය ඇතුළු උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.එම සිද්ධිය පිලිබඳ විමර්ශන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.














