අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අලුත් අවුරුදු පණිවිඩය
ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රෞඩ සංස්කෘතික උරුමයක් වන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් ශුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.දුක්ඛ දෝමනස්සයන් පහ කොට සතුට ළඟාවීමේ අපේක්ෂාව සංකේතවත් කරන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප සියලු දෙනාගේ මහා සංස්කෘතික මංගල්‍යයයි. කෘෂිකර්මය පදනම් කරගත් ඓතිහාසික සමාජ සංස්කෘතික වටිනාකම් පරපුරෙන් පරපුරට උරුම කරන අලුත් අවුරුදු උත්සවය සිංහල දෙමළ ජනතාවගේ අතීත සබැඳියාව සිහිගන්වයි.නැකත් චාරිත්‍රවලට මුල් තැන දෙමින් අප සියලු දෙනා අපේක්ෂා කරන්නේ අලුත් අවුරුද්දේ යහපත් බලාපොරොත්තු ඉටුකර ගැනීමයි. පවතින දුෂ්කර කාලය පසුකර යෑමට වුව ද අප සියලු දෙනා එක්ව, එක් ජාතියක් ලෙස සමගි සම්පන්නව ක්‍රියා කළ යුතු වේ.අභියෝගාත්මක කාලයේ අනපේක්ෂිතව ඔබ අප මුහුණ දුන් පීඩාවන් එකිනෙක මගහැරලීමට අවශ්‍ය අනාගත සැලසුම් රජය දැනටමත් ක්‍රියාවට නංවමින් සිටියි. ඔබට, ඔබේ පවුලේ සාමාජිකයන්ට සහ සමස්ත රට වැසියන්ට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.














මචං අගමැති අපි ඩිසල් පෝලමේ. උඹලට අවුරුදු සරුයි වගේ.
suba pathum one ne. kanna monawa hari denna.