අගමැති මහින්ද රාජපක්ෂ අලුත් අවුරුද්දට සුබ පතයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අලුත් අවුරුදු පණිවිඩය

ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රෞඩ සංස්කෘතික උරුමයක් වන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් ශුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.දුක්ඛ දෝමනස්සයන් පහ කොට සතුට ළඟාවීමේ අපේක්ෂාව සංකේතවත් කරන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප සියලු දෙනාගේ මහා සංස්කෘතික මංගල්‍යයයි. කෘෂිකර්මය පදනම් කරගත් ඓතිහාසික සමාජ සංස්කෘතික වටිනාකම් පරපුරෙන් පරපුරට උරුම කරන අලුත් අවුරුදු උත්සවය සිංහල දෙමළ ජනතාවගේ අතීත සබැඳියාව සිහිගන්වයි.නැකත් චාරිත්‍රවලට මුල් තැන දෙමින් අප සියලු දෙනා අපේක්ෂා කරන්නේ අලුත් අවුරුද්දේ යහපත් බලාපොරොත්තු ඉටුකර ගැනීමයි. පවතින දුෂ්කර කාලය පසුකර යෑමට වුව ද අප සියලු දෙනා එක්ව, එක් ජාතියක් ලෙස සමගි සම්පන්නව ක්‍රියා කළ යුතු වේ.අභියෝගාත්මක කාලයේ අනපේක්ෂිතව ඔබ අප මුහුණ දුන් පීඩාවන් එකිනෙක මගහැරලීමට අවශ්‍ය අනාගත සැලසුම් රජය දැනටමත් ක්‍රියාවට නංවමින් සිටියි. ඔබට, ඔබේ පවුලේ සාමාජිකයන්ට සහ සමස්ත රට වැසියන්ට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04